අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල පහළට.

සිංහල අලුත් අවුරුද්ද ඉලක්ක කර ගනිමින් අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් අඩුකරන බව ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන පවසයි.

අද (15) දහවල් මාධ්‍ය හමුවක් කැඳවමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

මෙම මිල අඩු කිරීම අද (15) දිනයේ සිට ක්‍රියාත්මක බව සඳහන් කළ ඔහු භාණ්ඩ වර්ග 12ක මිල ගණන් මෙලෙස පහත දමා ඇති බවද පැවසීය.

මිල ගණන් පහත දැමූ භාණ්ඩ ලැයිස්තුව පහතින්,

භාණ්ඩයේ නම (1Kg) – නව මිල – ඉතිරිය

රතු කව්පි – රු.1095 – රු.55

සුදු කව්පි – රු.1200 – රු.50

රතු ලූණු – රු.325 – රු.40

රට කජු – රු.1300 – රු.40

ටින් මාළු (ආනයනික)425g – රු.575 – රු.20

වියළි මිරිස් – රු.1210 – රු.20

බී ලූණු – රු.365 – රු.15

සුදු සීනි – රු.275 – රු.13

අර්තාපල් – රු.299 – රු.11

රතු කැකුළු – රු.174 – රු.6

ටින් මාළු (ආනයනික) 155g – රු.290 – රු.5

බාස්මතී සහල් (ප්‍රීමියම්) – රු.760 – රු.5

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *