අතිවිශේෂ ගැසට් නිවේදනයක්.

දුෂණ විරෝධී පනතේ විධිවිධාන මේ මස 15 වැනිදා සිට ක්‍රියාත්මක වන බව සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයෙන් දැනුම් දී ඇත්තේ, සැප්තැම්බර් මස 15 වැනිදා එම පනතේ විධිවිධාන ක්‍රියාත්මක වීමේ දිනය ලෙස නියම කරන බවයි.

දුෂණ විරෝධී පනත් කෙටුම්පත පසුගිය ජුලි මස 19 වැනිදා සංශෝධන සහිත ව පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

මීට අමතර ව අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ හා ආරක්ෂා කිරීමේ පනතේ විධිවිධාන ද සැප්තැම්බර් මස 15 වැනිදා සිට ක්‍රියාත්මක විය යුතු බව විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා එම ගැසට් නිවේදනයේ සඳහන් කර ඇත.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *