අන්තරේ තවත් පිරිසකට අධිකරණ නියෝගයක්.

අන්තරේ තවත් පිරිසකට අධිකරණ නියෝගයක්.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (10) කොළඹ පැවැත්වීමට නියමිතව තිබෙන උද්ඝෝෂණයකට අදාළව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

එම නියෝගය අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් ඉන්ද්‍රජිත්ට හා අන්තර් විශ්වවිද්‍යාලීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි ඇතුළු 10 දෙනෙකුට හා ඔවුන් සමග විරෝධතාවයට එකතුවන පිරිස වෙත නිකුත් කර තිබුණි.

ඒ අනුව උද්ඝෝෂකයින්ට මරදාන පොලිස් වසමේ, ඩීන්ස් පාර, මරදාන හන්දිය, ටී.බී ජයා මාවත, ටෙක්නිකල් හන්දිය, ඔල්කට් මාවත අවසානය දක්වා මහජනතාවට අවහිරයක් වන සේ භාවිත කිරීම තහනම් වේ.

එය නියෝගය අද දහවල් 12 සිට හෙට (11) දහවල් 12 දක්වා බලපැවැත්වේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *