අනේ කවුරුවත් නැද්ද මාව බේරගන්න – දෙනෝදාහක් බලා සිටියදි බස් රථය තුළට ඇවිත් රූමත් කත පැහැරගෙ.න යයි

අනේ කවුරුවත් නැද්ද මාව බේරගන්න – දෙනෝදාහක් බලා සිටියදි බස් රථය තුළට ඇවිත් රූමත් කත පැහැරගෙ.න යයි

වතුපිටිවල ප්‍රසිද්ධ ඇඟලුම් කම්හලක සේවිකාවක මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇතැයි නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසයි.

මෙම පැහැරගැනීම 20 වැනිදා සවස 6.30 ට පමණ වතුපිටිවල වල්ගම්මුල්ල ප්‍රදේශයේදී සිදුවී තිබෙනවා.

මෙලෙස පැහැරගැනීමට ලක් වූ 34 හැවිරිදි ඇඟලුම් කම්හල් සේවිකාව සම්බන්ධයෙන් ඊයේ (24) සවස් වනතුරුත් කිසිදු හෝඩුවාවක් දැන ගන්නට නැතැයි ද පොලිසිය පැවසුවා.

එක්දරු මවක වන මෙම ඇඟලුම් සේවිකාව සේවය නිමවා සේවා බස් රථයෙන් නිවෙස බලා එමින් සිටියදී ඇය සිටි බස් රථයට හරස් වන ලෙස නවත්වා ඇති මෝටර් රථයක පිරිසක් ඉන් බැසවිත් බස් රථයේ සිටි ඇඟලුම් සේවිකාව බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇතැයි හෙළි වූ බව පොලිසිය පවසයි.

ඇය පැහැරගෙන ගිය මෝටර් රථයේ අංකය පරීක්‍ෂා කිරීමේදී එම අංකය ව්‍යාජ එකක් බව ද පැහැරගැනීමට ලක් වූ ඇඟලුම් සේවිකාව සැමියාගෙන් වෙන් ව සිටින බව ද හෙළි වී ඇතැයි පොලිසිය පවසයි.

මැය වෙනත් විවාහයක් කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටියදී මෙලෙස පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

ඇය පැහැරගෙන ගියේ කවුදැයි මෙතෙක් හෙළි වී නැති අතර ඇයගේ ජංගම දුරකථනය ද මේ වනවිට විසන්ධි වී ඇතැයි පොලිසිය පවසයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *