අපි අනුමත කරපු ජංගම දුරකථන පමණක් මිලදී ගන්න – TRC.

පාරිභෝගිකයන් මිලදී ගත යුත්තේ ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව අනුමත කරන ලද ජංගම දුරකථන පමණක් බව (TRCSL) එම ආයතනය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

එම ආයතනය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ මිලදී ගැනීමට බලාපොරොත්තු වන දුරකථනයට විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය ඇති බව තහවුරු කර ගැනීමට එමි (IMEI) අංකය පරීක්ෂා කරන ලෙසය.

ජංගම දුරකථන ආවරණ කවරයේ එමි අංකය පෙන්වයි. IMEI (හිස්තැනක්) ඉලක්කම් 15 අංකය 1909 වෙත යැවීමෙන් IMEI අංකයේ වලංගුභාවය පරීක්ෂා කළ හැකිය.

ජංගම දුරකථනය ලියාපදිංචි කර තිබේද නැද්ද යන්න පිළිබඳව එමගින් ක්ෂණික පිළිතුරු පණිවිඩයක් ලැබෙනු ඇත. පාරිභෝගිකයන් වංචා සඳහා හසුවීම වැළැක්වීම සඳහා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව අනුමත දුරකථන පමණක් මිලදී ගන්නා ලෙස ඉල්ලා සිටී.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *