අමෙරිකානු නෞකාවකට හූති ප්‍ර#හාරයක්.

යේමනයේ හූති කැරලිකරුවන් අමෙරිකාවට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඒඩ්න් බොක්ක මුහුදේ යාත්‍රා කරමින් තිබූ එම නෞකාවට හූති කැරලිකරුවන් විසින් ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.

ප්‍රහාරයෙන් නෞකාව ගිනිගෙන ඇති බවට එහි කපිතාන්වරයා දැනුම් දී ඇත.

නෞකාවට ප්‍රහාරයක් එල්ල වූ බව අමෙරිකානු බලධාරීන් ප්‍රකාශ කර ඇති අතර, ඉන් ජීවිත හානි සිදු ව නොමැති බව වාර්තා වේ.

මේ අතර, හවුති කැරලිකරුවන් ගෝලීය ත්‍රස්තවාදී කණ්ඩායමක් බවට යළි නම් කිරිමට අමෙරිකාව සූදානම් වේ.

2021 වසරේ දී ලෝක ත්‍රස්තවාදී ලැයිස්තුවෙන් ඔවුන් ඉවත් කර තිබූ අතර, රතු මුහුදේ ප්‍රහාර හේතුවෙන් යළි හූති කැරලිකරුවන් ත්‍රස්තවාදීන් ලෙස නම් කිරීමට නියමිතයි. 

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *