අයවැය හෙට පාර්ලිමේන්තුවට – ලක්‍ෂ 20කට පමණ වැටුප් වැඩි වේ.

2024 අයවැය යෝජනා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. එය මෙරට 78 වන අයවැයයි.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

ඒ අනුව, විසර්ජන පනත් කෙටුම්පත 2 වන වර කියවීමේ විවාදය නොවැම්බර් 14 සිට 21 දක්වා පැවැත්වීමට නියමිතය.

එසේම 2 වන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වන දා පැවැත්වීමට නියමිතය.

ඒ අනුව, නොවැම්බර් 22 සිට දෙසැම්බර් 13 දක්වා අයවැය තුන් වන වර කියවීමේ විවාදය පැවැත්වෙනු ඇති අතර දෙසැම්බර් 13 වන දා ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයන් ලක්‍ෂ 14 ක් සහ විශ්‍රාමිකයන් ලක්‍ෂ 6 ක් වශයෙන් ලක්‍ෂ 20 ක පමණ පිරිසකට මෙවර අයවැයෙන් වැටුප් වැඩිවන බවටත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ , ජනපති වීමෙන් පසුව ඉදිරිපත් කරන තුන්වන අයවැය මෙය වේ . ඒ අතුරු අයවැය ද ඇතුළුවයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *