අයි.පී.එල් තරඟත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අහිමි වෙන්න සුදානමක්.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නම් ඉවත් කිරීමට සැලැසුම් ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඇතැම් විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා සඳහන් කළේ, ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පනවා ඇති තාවකාලික තහනම හේතුවෙන් මෙම පියවර ගැනීමට නියමිත බවයි.

මෙරට ක්‍රිකට් ආයතනයේ ස්වාධීනත්වයට රජය මැදිහත් වීම ඇතුළු කරුණු කිහිපයක් ඊට පසුබිම වී ඇති බව ද විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත.

කෙසේ වෙතත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලියේ ඊළඟ රැස්වීමේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම පිළිබඳව කොන්දේසි ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ලබන මස 19 වනදා ඩුබාහි දී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

එම කාලය වන විට ශ්‍රී ලංකාවට පනවා ඇති තාවකාලික ක්‍රිකට් තහනම ඉවත් නොකරන්නේ නම් එම ක්‍රීඩකයින්ගේ නම් ලැයිස්තුවෙන් ඉවත් කිරීමට සිදු වන බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *