අරවින්ද ද සිල්වාට ICCයෙන් විශේෂ අවස්ථාවක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා එළඹෙන 14 වෙනිදා මුම්බායි හි පැවැත්වෙන උත්සවයකදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) හෝල් ඔෆ් ෆේම් (Hall of Fame) වෙත ඇතුළත් කිරීමට නියමිතයි.

මීට පෙර මේ සඳහා ඇතුලත් කරන ලද ශ්‍රී ලංකික ක්‍රීඩකයින් වන්නේ මුත්තයියා මුරලිදරන් (2017), කුමාර් සංගක්කාර (2021) සහ මහේල ජයවර්ධන (2021) යි.

1996 ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකාවේ වීරයා වන අරවින්ද ද සිල්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් සහ එක්දින තරග දෙකේදීම 401 වතාවක් ක්‍රීඩා කර ඇත.

මීට අමතරව ඔහු ටෙස්ට් තරග 93 කදී ලකුණු 6,361 ක් සහ එක්දින තරග 308 කදී ලකුණු 9,284 ක් රැස් කරගෙන තිබේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *