අලුතින් කැසිනෝ ශාලා 10ක් ?

අලුත් කැසිනෝ ශාලා සඳහා අයදුම්පත් දහයක් ලැබී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.

එම අයදුම්පත් අදාල ක්‍රියාවලියේ විවිධ අදියරයන් වල පවතින බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා මුල් බලපත්‍ර හතර හැරුණු කළ කැසිනෝ ශාලා විවෘත කිරීම සඳහා අලුත් බලපත්‍ර කිසිවක් මෙතෙක් ලබාදී නැතැයිද සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ මන්ත්‍රී අතුරලිය රතන හිමියන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

“කැසිනෝ ශාලා ලියාපදිංචි ගාස්තුව අවුරුදු පහකට කෝටි පනහක් ගත්තා. මීට පස්සේ අලුතින් විවෘත කරනවා නම් කෝටි පනහකට වැඩියෙන් ගන්න බලාපොරොත්තු වෙනවා. වාර්ෂික ගාස්තුව කෝටි විස්ස කෝටි පනහක් කළා.

ශ්‍රී ලංකා පුරවැසියකු කැසිනෝ ශාලාවකට ඇතුළු වන්නේ නම් රුපියල් දහසය දාහක් ගෙවන්න ඕන. ශ්‍රී ලාංකිකයන් මේවට යන එක මන්දෝත් සාහි  කරන්න තමයි මේක කරන්නේ. හැකි තරම් කැසිනෝ ක්‍රීඩාව විදේශිකයන්ට පමණක් සීමා කිරීම අරමුණයි. කැසිනෝ ශාලාවල ලාභය මත සියයට හතළිහක බද්දක් අය කරනවා. රාජ්‍ය ආදායමට උපරිම බදු ගන්නවා.”

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *