අලුතින් විදුලිය ගන්න අයට ඇමැතිගෙන් සහනයක්.

නව විදුලිබල සබඳතා සඳහා එකවර මුදල් ගෙවීමට නොහැකි අයැදුම්කරුවන්ට වාරික වශයෙන් ගෙවීමේ පහසුකම් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබා දී තිබේ.

විදුලිබල මණ්ඩලයේ සෙසු සේවා සඳහා ද වාරිකවලින් ගෙවීමේ පහසුකම් සලසන ලෙසත් එම පහසුකම් කඩිනමින් ප්‍රකාශයට පත්කරන ලෙස දැනුම් දුන් බවත් ඇමැති කියා සිටියේය.

ඒ අනුව විදුලිබල මණ්ඩලය විසින් එම පහසුකම් කඩිනමින් ප්‍රකාශයට පත් කරනු ඇත.

මෙම වසරේ විදුලිබල උත්පාදන සැලසුම, අයක්‍රමය, සේවාවන්වල වියදම්, විදුලිබල උත්පාදනය සඳහා අවශ්‍ය වන ඉන්ධනවල මිල, කාලගුණික අනාවැකි සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විදුලිබල මණ්ඩලයේ මෙහෙයුම් පද්ධති ඒකකය සමග පැවති සාකච්ඡාවකදී ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් අවධාරණය කළේය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *