අවුරුදු 14 දැරිය මවක් කළ 18ක තරුණයා අත්අඩංගුවට.

0
72

බාල වයස්කාර දැරියක් සමඟ අඹුසැමි ඇසුරක් පවත්වා ඇයව මවක් බවට පත් කළ 18 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගත් බව නොරොච්චෝලේ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගැනුණු සැකකරු නොරොච්චෝලේ, ආංකුඩාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

පසුගිය දෙවන දා ගැබිණියක් පුත්තලම රෝහලේ දී දරු ප්‍රසූතියක් සිදුකර ඇති අතර, එම දරු ප්‍රසූතිය සිදුකළ මව සම්බන්ධයෙන් සොයා බැලීමේ දී ඇය වයස අවුරුදු 14යි මාස 07ක බාලවයස්කාර දැරියක් බවට හඳුනාගෙන ඇත.

ඒ, අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම රෝහල් පොලීසිය විසින් නොරොච්චෝලේ පොලිසියට සිදුකළ දැනුම්දීමකින් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

තමන් 2022 ජනවාරි මස 23 වනදා මුස්ලිම් නීතිය අනුව විවාහ වී ඇය සමඟ අඹුසැමියන් ලෙස ජීවත් වූ බව සැකකරු පොලීසිය හමුවේ පවසා ඇති අතර ඔවුන්ගේ විවාහ සහතිකය සහ බාලවයස්කාර බිරිදගේ උප්පැන්න සහතිකය ද සැකකරු විසින් පොලීසියට ඉදිරිපත් කර ඇත.

කෙසේ වෙතත් බාලවයස්කාර දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු පුත්තලම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here