අවුරුදු 27 ගුරුවරිය ජනප්‍රිය පාසලක සිසුවෙක් සමඟ පැන යයි.

තම උපකාරක පන්තියට පැමිණි 15 හැවිරිදි සිසුවකු සමග ඇති කරගෙන ඇති බව කියන පෙම් සබඳතාවක් මත පැනගිය බව කියන 27 හැවිරිදි ගුරුවරියක සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන බව වැලිගම මූලස්ථාන පොලිසියෙන් වාර්තා වී තිබුණා.

උපකාරක පන්තිය අවසානයේ තම පුතු අතුරුදන්වී ඇති බවට එම මව්පියන් ද තම බිරිය අතුරුදන් බවට ග්‍රාමාරක්ෂක භටයකු වූ ඇයගේ සැමියා ද පොලිසිය වෙත පැමිණිලිකර ඇත.

අතුරුදන් උපකාරක පන්ති ගුරුවරිය හා සිසුවා දුර ප්‍රදේශයකින් ත්‍රිරෝද රථයක් ගෙන්වාගෙන ගමෙන් පිටත්ව ගොස් තිබෙන බවට පොලීසිය වෙත තොරතුරු ලැබී තිබෙනවා.

ඔවුන් නුවරඑළියේ සිටින බවට ලැබුණු තොරතුරකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් වැලිගම සිට නුවරඑළිය දක්වා පිටත්ව ගියා.

එක්දරු මවක වන කාන්තාව තම ගමේ ළමයින් හත් අට දෙනකු නිවසට කැඳවාගෙන ලෑලි මඩුවක ගණිතය ඇතුළු විවිධ විෂයයන් උගන්වන උපකාරක පන්තියක් පවත්වා තිබෙන බව පොලීසිය කියයි.

ඒ හැරෙන්න ඇයට විධිමත් වූ ගුරු පත්වීමක් නොමැති බව පොලීසිය කියයි.

අදාළ උපකාරක පන්තිය වෙත 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවාද පැමිණ ඇති අතර උපකාරක පන්ති ගුරුවරිය ඇයගේ රන් භරණ ද සිසුවා ඔහුගේ හා සිය මවගේ රන් මාල ද යන විට රැගෙන ගොස් තිබෙන බව කියයි.

එම දෙදෙනා අතර පෙම් සබඳතාවක් පැවැති බවට සැක කළ හැකි පෙම් හසුනක ඉරා දමන ලද කොටසක් කුණු බඳුනක තිබී පොලිසියට හමුවී ඇත.

මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතාගේ උපදෙස් මත වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩී.එම්. අබේසේකර මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *