ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද

ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද

ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (28) සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියානු කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි. රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පස්වරු 3.00ට තරගය ආරම්භ වේ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙවර අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ අපරාජිත කණ්ඩායමක් ලෙසින්. වත්මන් ආසියානු ශූරියන් වන ඉන්දීය කණ්ඩායමද මෙම තරගයට අපරාජිතව සුදුසුකම් ලැබීය.

ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පවසා සිටියේ, ක්‍රීඩාලෝලීන්ගෙන් ලැබුණු ශක්තිය තමන් ඇතුළු කණ්ඩායමට අවසන් මහා තරගය දක්වා යෑමට ආශිර්වායයක් වූ බවයි. එමනිසා, අවසන් මහා තරගයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට ශක්තියක් වීමට, තරගය නැරඹීමට පැමිණෙන ලෙස ඇය ජනතාවගෙන් ඉල්ලා සිටින්නීය.

මේ අවස්ථාව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ වැදගත් මොහොතක් වන අතර, ක්‍රීඩාලෝලීන්ගේ සහාය මහත් වටිනාකමක් වේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *