ඇඹිලිපිටිය මහ රෝහලේ නිර්වින්දන වෛද්‍යවරිය අතුරුදන්.

0
102

ඇඹිලිපිටිය මහ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරිය දින කිහිපයක් තිස්සේ සේවයට වාර්තා කර නොමැති බවට මේ වනවිට තොරතුරු වාර්තාවෙයි.

වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ පසුගිය දින කිහිපය පුරා මේ සම්බන්ධයෙන් අදාළ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරිය රෝහල් බලධාරීන් වෙත කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බවටය.

කෙසේ වෙතත් මේ වනවිට එම විශේෂඥ වෛද්‍යවරිය වෙනත් අයෙකුගේ වට්ස්ඇප් අංකයකින් රෝහල් බලධාරීන් වෙතට දැනුම්දීමක් සිදුකර ඇත්තේ නැවත සේවයට නොපැමිණෙන බවය.

පසුගිය සිකුරාදා දින සිට විශේෂඥ වෛද්‍යවරිය රෝහල වෙත වාර්තා නොකිරීම හේතුවෙන් මේ වනවිට ඇඹිලිපිටිය මහ රෝහලේ හදිසි ශල්‍යකර්ම නතරකිරීමට සිදුවීම හේතුවෙන් අර්බුදයක් නිර්මාණය වී තිබේ.

මෙම තත්ත්වය ඇඹිලිපිටිය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට සහ ශල්‍යාගාර දෙක සඳහා දැඩි බලපෑමක් එල්ලකර ඇතිබව ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට පෙර මෙම රෝහලේ සිටි නිර්වින්දන වෛද්‍යවරයෙකු 2022.10.01 දින විදේශගතව ඇත අනතුරුව 2023.04.10 දින තවත් නිර්වින්දන වෛද්‍යවරයෙකු විදෙස්ගතව ඇත.

එම වෛද්‍යවරුන් මේ දක්වා යළි මෙරටට පැමිණ නොමැති බව වැඩිදුරටත් වාර්තාවෙයි.

මේ හේතුවෙන් නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ශල්‍යකර්ම සිදුකිරීම සඳහා රත්නපුර සහ කරාපිටිය රෝහල් වෙත මාරුකර යැවීමට සිදුව ඇත.

මේ අතර පසුගිය අගෝස්තු මාසයේදී හම්බන්තොට දිස්ත්‍රික් මහරෝහලේ එකම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාද රට හැර ගොස් ඇති බව පසුව අනාවරණය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here