ඉන්දියාවේ අකුණු සැර වැදී 8 දෙනෙක් අවසන් ගමනේ.

ඉන්දියාවේ දිස්ත්‍රික්ක කිහිපයක අකුණු සැර වැදී සිදුවු අනතුරුවලින් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් තිබේ.

අකුණු සැර වැදීමෙන් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉදිරි දින 04ක කාලය තුළ අකුණු සැර අනතුරු සම්බන්ධයෙන් දැඩි අවදානයක් යොමුකරන ලෙස ඉන්දීය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව එරට දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව වෙත අනතුරු ඇඟවීම් නිවේදන ද නිකුත් කර ඇත.

ඊට අමතරව ඉදිරි පැය 48 තුළ අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමට ඉඩ ඇති බැවින් අධික වැසි ඇති විය හැකි බවටද එරට කාලගුණ බලධාරීන් අනතුරු අඟවා ඇති බව සඳහන් වේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *