ඉන්ධන මිල සංශෝධනය ගැන තීරණයක්..!

මිල සූත්‍රයට අනුව මෙවර ඉන්ධන මිල සංශෝධනය හෙට (02) මධ්‍යම රාත්‍රියේ සිට සිදුකිරීමට නියමිතව තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ මිල සංශෝධනය හෙට රාත්‍රී ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවය.

මිල සූත්‍රයට අනුව සෑම මසකම පළමු වන දින ඉන්ධන මිල සංශෝධනය සිදුකෙරුණි.

කෙසේවෙතත් ඉරිදා දිනයක් බැවින් අද දිනයේ එම මිල සං‍ශෝධනය සිදුනොවූ අතර එය අනිද්දා දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මිල සූත්‍රයට අනුව පසුගිය මාසයේ දී ඉන්ධන මිලෙහි සැලකිය යුතු වැඩිවීමක් සිදුවුණි.

මේ අතර මෙවර ගෑස්  මිල සංශෝධනය ද ඔක්තෝබර් මස 4 වන දින ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන්වලට අනුව මෙවර මිල සංශෝධනයේ දී ගෑස් මිලෙහි සුළු වැඩිවීමක් සිදුවනු ඇති බවය.

පසුගිය වර මිල සංශෝධනයේ දී කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145කින් ඉහළ දැමුණි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *