උදේම අහන්න ලැබුන දුක්බර කතාවක්.අනේ අපොයි. තවත් දරුවෙකුට වෙච්ච දෙයක්.

නොච්චියාගම පොලිස් වසමේ කලාඔයේ දියනෑමට ගිය පිරිමි දරුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය සඳහන් කළේ ඊයේ (01) සවස දරුවා දියේ ගිලී බරපතළ තත්ත්වයෙන් නොච්චියාගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවය. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 12ක සාලියවැව ප්‍රදේශයේ පාසල් සිසුවෙකි. මියගිය දරුවා මිතුරන් කිහිපදෙනෙකු සමග කලාඔය ආසන්නයේ දේවස්ථානයකට යන බව දෙමාපියන්ට දන්වා නිවසින් පිටව…

නොච්චියාගම පොලිස් වසමේ කලාඔයේ දියනෑමට ගිය පිරිමි දරුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ ඊයේ (01) සවස දරුවා දියේ ගිලී බරපතළ තත්ත්වයෙන් නොච්චියාගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවය.

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 12ක සාලියවැව ප්‍රදේශයේ පාසල් සිසුවෙකි.

මියගිය දරුවා මිතුරන් කිහිපදෙනෙකු සමග කලාඔය ආසන්නයේ දේවස්ථානයකට යන බව දෙමාපියන්ට දන්වා නිවසින් පිටව ගොස් ඇත.

පසුව කලාඔයේ දියනෑමට ගොස් සිටිය දී මෙම අනතුරට ලක්ව ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.