උපාධිය අරන් ගෙදර ආ තරුණිය හදිසියේම ජීවිතය නැතිකරගනී. හේතුව අනාවරණය වෙයි..!

යාපනය වඩුක්කෝඩෙයි සුෂිපුරම් ප්‍රදේශයේ තරුණියක් ගෙළ වැළලාගෙන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇය සබරගමුව විශ්ව විද්‍යාලයෙන් සිය උපාධිය ලබාගෙන ඇත්තේ පෙරේදා (27) දිනයේ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

උපාධි ප්‍රදානෝත්සවයෙන් පසු නිවසට පැමිණ සිටි 26 හැවිරිදි ඇය නිවසේ කාමරයක ඊයේ රාත්‍රී මෙලෙස සිය දිවි හානි කරගෙන ඇතැයි සඳහන්.

පෙරේදා (27) පැවති උපාධි ප්‍රදානෝත්සවයෙන් පසු ඇය දෙමව්පියන් සමග සුෂිපුරම් හි පිහිටි නිවසට ඊයේ පැමිණ තිබුණා.

ඇය සියදිවි හානි කර ගන්නා අවස්ථාවේ පියා නිවසේ සිට නොමැති අතර මව නිවසේ කිසියම් කාර්යයක නිරතවී සිට ඇතැයි සඳහන්.

මෙම තරුණිය නිවසෙහි ගෙළ වැළලාගෙන සිටින ආකාරය දුටු මව ඇය බේරාගෙන සංගන් දිසා රෝහලට ඇතුලත් කළ ද ඒ වන විටත් ඇය මියගොස් සිට ඇති බවටයි වාර්තා වන්නේ.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත යොමු කර තිබෙනවා.

එම පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය ඥාතීන්ට භාරදී ඇතැයි සඳහන්.

විමර්ශනවලදී හෙළිවී ඇත්තේ මව සහ පියා නිතර නිතර ආරවුල් ඇතිකර ගැනීම හේතුවෙන් ඇතිවූ කලකිරීම් මත මෙම තරුණිය සියදිවි හානි කරගෙන ඇති බවටයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *