උමාරා ජාතික ගීය ගායනා කල අයුරු ව්‍යවස්ථා වීරෝධි බව කමිටුව තීන්දු කරයි.

උමාරා ජාතික ගීය ගායනා කල අයුරු ව්‍යවස්ථා වීරෝධි බව කමිටුව තීන්දු කරයි.

ලංකා ප‍්‍රිමියර් ලීග් තරඟාවලිය ආරම්භක උත්සවයේදී ජාතික ගීය ගායනා කිරීමේදී ඊට අපහාස කරමින් ගායනා කළේ යයි චෝදනා එල්ල වන ගායන ශිල්පිනි උමාරා සිංහවංශ විසින් ජාතික ගීය ගායනා කර ඇත්තේ වැරදි ආකාරයෙන් බව අදාළ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කරන ලද කමිටුව විසින් තීරණය කර තිබේ.

ඒ අනුව ‍ව්‍යස්ථාව විරෝධී ආකාරයෙන් ජාතික ගීය ගායනා කිරීම පිළිබඳව නීතිපති උපදෙස් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස එම කණ්ඩායම සිය වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් පත්කරන ලද කමිටුව විසින් මෙම නිර්දේශ ලබා දී ඇත.

මෙම කමිටුව විසින් උමාරා සිංහවංශ ගෙන් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ද අදාළ සිදුවීම පිළිබඳව ප්‍රකාශ සටහන් කර ගනු ලැබීය.

ව්‍යවස්ථාව අනුව ජාතික ගීය පද මාලාව මධ්‍ය ස්වරයෙන් ගායනා කළ යුතු වුවත් ඇය එය උච්ච ස්වරයෙන් ගායනා කරන ලද බව විමර්ශකයන් තහවුරු කරගෙන තිබේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *