එක් අයෙකුට සතොසෙන් බිත්තර 35යි. සතොසෙන් අලුත්ම තීරණයක්.

ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද බිත්තර සීමාසහිතව පාරිභෝගිකයන්ට නිකුත් කිරීමට සතොස තීරණය කර තිබේ.

දේශීය බිත්තරයක මිල අසීමිත ලෙස ඉහළ යාම හේතුවෙන් ආනයනික බිත්තර සඳහා දැඩි ඉල්ලුමක් පවතින අතර ඒවා මිලදී ගැනීම සඳහා සතොස ශාඛා ඉදිරිපිට පාරිභෝගිකයින් පෝලිම් ගැසී සිටී.

සතොසට දිනකට බිත්තර මිලියනයක් නිකුත් කෙරෙන අතර ඒවා කළමනාකරණය කර ගනිමින් සෑම පාරිභෝගිකයෙකුටම බිත්තර ලබා දීමේ අරමුණින් මෙම සීමා කිරීමේ තීරණය ගෙන තිබේ.

ඒ අනුව බිත්තරයක් රුපියල් 35ක මිලකට බිත්තර 30ක් එක් පාරිභෝගිකයෙකුට මිලදී ගැනීමේ හැකියාවක් පවතින අතර එම ප්‍රමාණය ඉදිරි දින කිහිපය තුළදී සීමා කරන බව සතොස පවසයි.

මේ අතර බිත්තර අලෙවිසල් හිමියන් දේශීය රතු බිත්තරයක් රුපියල් 60කට සහ සුදු බිත්තරයක් රුපියල් 58 ක සිල්ලර මිලකට අලෙවි කරනු ලබයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *