Thu. Sep 19th, 2024

ඔන්ලයින් ණය ජාවාරම් මර්දනය කිරීම සඳහා බලතල සහිත නව නීති ගෙන එන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අද (12) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා ශුද්‍ර මූල්‍ය සහ ණය නියාමන පනත් කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන නමුත් ඔන්ලයින් ණය ජාවාරම් වැනි ප්‍රශ්න වලට එම කෙටුම්පතින් සම්පූර්ණ ආවරණයක් ලබාගන්නට නොහැකි බවයි.

ඔන්ලයින් ණය ජාවාරම පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙය බරපතළ අවදානම් සහගත තත්ත්වයක් බව රජය හඳුනාගෙන තිබෙන බවද ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *