ඔන්ලයින් ණය ජාවාරම් මර්දනය කරන්න නව නීති.

ඔන්ලයින් ණය ජාවාරම් මර්දනය කිරීම සඳහා බලතල සහිත නව නීති ගෙන එන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අද (12) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා ශුද්‍ර මූල්‍ය සහ ණය නියාමන පනත් කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන නමුත් ඔන්ලයින් ණය ජාවාරම් වැනි ප්‍රශ්න වලට එම කෙටුම්පතින් සම්පූර්ණ ආවරණයක් ලබාගන්නට නොහැකි බවයි.

ඔන්ලයින් ණය ජාවාරම පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙය බරපතළ අවදානම් සහගත තත්ත්වයක් බව රජය හඳුනාගෙන තිබෙන බවද ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *