ඔසී යන්න ක‍්‍රිකට් බෝඩ් එකෙන් මට වියදම් කලේ රුපියල් සීයයි. ඒක ගෙවන්න සූදානම්. – ශලනි තාරකා.

ඔසී යන්න ක‍්‍රිකට් බෝඩ් එකෙන් මට වියදම් කලේ රුපියල් සීයයි. ඒක ගෙවන්න සූදානම්. – ශලනි තාරකා.

ඕස්ට්‍රේලියාවේ පැවැති 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය නැරඹීම සඳහා තමන් ගියේ තම වියදමින් බව රංගන ශිල්පිනී ද ශලනි තාරකා සඳහන් කරයි.

නමුත් තමන් ක්‍රිකට් ආයතනය හරහා අනුග්‍රහකත්ව ලිපියක් ලබා ගත් බව පිළිගන්නා බවද ඇය සඳහන් කළාය.

තමන් ක්‍රිකට් ආයතනයේ මුදල් සොරකම් කළේ නම් ඒ අදාළ ලිපිය මුද්‍රණය කිරීම සඳහා ගිය රුපියල් සියය හෝ පනහ බවත් තමන් එය ගෙවීමට සූදානම් බවත් ඇය කියා සිටී.

ඇය මෙය මෙම අදහස් පල කරන්නේ තම අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

තමන් කිසිවෙකු සමග හෝ අයුතු සබඳතා පවත්වන්න නැති බවත් මෙම ප්‍රශ්නයට සාමාන්‍ය ලෙස මුහුණ දීමට කිසිදු බයක් නැත්තේ තමන් කිසිදු වරදක් සිදු කර නැති නිසා බවත් එහිදී කියා සිටියි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *