ඔසුසැල්වලට විශේෂ ආරක්ෂාවක්.

යුක්තිය මෙහෙයුමට සමගාමිව හැටන් පොලිස් කොට්ඨාසයේ ප්‍රධාන නගරවල පිහිටි ඔසුසැල්වල ආරක්ෂාව තර කිරීමට වැඩපිළිවෙලක් දියත් කර ඇති බව හැටන් කොට්ඨාසභාර පොලිස් අධිකාරි නිපුණ දෙහිගම පවසයි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින පිරිස් ඇතැම් ඔසුසැල්වලින් විවිධ රෝග සඳහා නිකුත් කරන මත්වන පෙති වර්ග භාවිතයට හුරු වී ඇති බැවින් ඔවුන් වෛද්‍ය නිර්දේශ නොමැතිව ඔසුසැල්වලින් මත්පෙති මිල දී ගැනීමට උත්සාහ ගන්නා බවද පොලීසිය සඳහන් කරයි.

ඒ හේතුවෙන් සෑම ඔසුසැලකම ආරක්ෂිත කැමරා පද්ධතියක් පවත්වාගෙන යාමටත්, සෑම ඔසුසැලක්ම රාත්‍රී කාලයේ වසා තැබෙන බැවින් රාත්‍රි මුර සංචාරයේ නිරත වන පොලිස් නිලධාරින්ගේ අධීක්ෂණයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවත් පොලිස් අධිකාරීවරයා පැවසීය.

එමෙන්ම වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක් නොමැතිව මත්වෙන ඖෂධ වර්ග කිසිවෙකුට අලෙවි නොකරන ලෙසට ඔසුසැල්හිමියන්ට උපදෙස් ලබාදුන් බවද පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *