ඖෂධ 38ක් අවුරුද්දක් තිස්සේ ගුවන් තොටුපොළේ.

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ තාවකාලික ලියාපදිංචිය අත්හැරීමේ ලිපි හරහා ගෙන්වන ලද ඖෂධ වර්ග 38ක් වසරක කාලයක් තිස්සේ කටුනායක ගුවන් තොටුපොළේ රවා ඇත.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජිව ගාල්ලේදී පෙරේදා (24 වැනිදා) පැවැත් වූ මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කළේය. 

ට්‍රාන්ස්සේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් ශේෂ්ඨාධිකරනයේ ගොනුකළ නඩුවක තීන්දුවක් මත මෙම ඖෂධ මිලදී ගැනීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබිණි.

එහෙත් මෙම ඖෂධ ඉන්දීය ණය යෝජනා ක්‍රමය හෝ වෙනත් අරමුදලක් භාවිතා කරමින් ගෙන්වීමට හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල කැබිනට් මණ්ඩල අනුමැතිය ඉල්ලා ඇති බව සභාපතිවරයා කීවේය.

කැබිනට් අනුමැතිය නොලැබුණත් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරින් රුපියල් කෝටි 100ක් වැය කරමින් මෙම ඖෂධ තොගය ගෙන්වා තිබේ. මෙලෙස ගෙන්වන ලද ඖෂධ කල් ඉකුත් වීමටද ආසන්න බව සභාපතිවරයා මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *