කතරගම දේවාලයේ මහ කපුවා CCDයට භාරවෙයි.

රුහුණු කතරගම දේවාලයේ රන් බන්දේසිය අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී. රත්නායක කොළඹ අපරාධ කොට්ඨාසයට භාර වී තිබේ.

ගබඩා භාරකරු ලෙස කටයුතු කළ සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපුවා නීතිඥවරයකු මාර්ගයෙන් පසුගිය 19 වැනි දින භාරවීමෙන් අනතුරුව තිස්සමහාරාම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබිණි.

රන් තැටිය අස්ථානගතවීම සම්බන්ධයෙන් සැකකාර ප්‍රධාන කපුවාගේන් පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගෙන සටහන් කරගෙන තිබේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *