කපු නෝනාගේ පුනාට දෙයියෝ ආවේශ වී පොලිසියෙන් නවතී..

කපු නෝනාගේ පුනාට දෙයියෝ ආවේශ වී පොලිසියෙන් නවතී..

දේවාලයකින් නැඟෙන අධික ශබ්දය හේතුවෙන් ඊට විරෝධය පෑ කාන්තාවකට පහර දුන් පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලීසිය පවසනවා.

ඊයේ (04) රාත්‍රියේ මෙම පහරදීම සිදුව ඇති අතර, මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ ආණමඩුව, කෝන්වලකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්.

පහර කෑමට ලක්ව ඇති කාන්තාව පදිංචි නිවසට යාබදව තවත් කාන්තාවක් විසින් දේවාලයක් පවත්වා ගෙන ගොස් තිබෙනවා.

එම දේවාලයෙන් නැඟෙන අධික ශබ්දය ඉවසා ගත නොහැකි බව කියමින් අදාළ කාන්තාව දේවාලය පවත්වාගෙන යන කාන්තාවට විරෝධය පා ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී දේවාලය පවත්වා ගෙන යන කාන්තාවගේ පුතා සහ තවත් සිව්දෙනෙකු විසින් තමන්ට පහරදුන් බවයි අදාළ කාන්තාව පැමිණිල්ලක් සිදුකරමින් පොලිසියට පවසා ඇත්තේ.

මෙම පැමිණිල්ලට අනුව පහරදීමට සම්බන්ධ සැකකරුවන් ආණමඩුව පොලීසිය විසින් අත්දන්ගුවට ගෙන තිබෙනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *