කලා විෂය හදාරන අයටත් විද්‍යා උපාධියත් ලබා දෙයි.

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමේ සැලසුම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීමෙන් මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය.

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

වසර හතරකට පසුව මෙරට උසස් පෙළ සමත් සිසුන්ගේ ප්‍රමාණය 63%කින් ඉහළ ගොස් තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී කලා විෂය ධාරාව හදාරන සිසුවාටත් විද්‍යාවේදී උපාධියක් ලබාගැනීමට හැකි අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම පිළිබඳ අවධානය යොමු කර තිබෙන බවද රාඝවන් මහතා කීය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *