කසුන් සහ මාධවී ආරම්භ කරපු අලුත් ව්‍යාපාරය ගැන හෙළි කරයි.

මාධවී ඇන්තනී සහ කසුන් මහේන්ද්‍ර හීන ටිකල කියන්නේ වර්තමානයේ බොහෝ දෙනෙක් කතාබහ කරන  ආදරණීය යුවළක්.පෞද්ගලික ජීවිතයේ විවිධ හැල හැප්පෙම් වලට මුහුණ දීපු මාදවී අද වෙද්දි කසුන්ගේ ආදරයත් එක්ක බොහොම තැන්පත් නිවිච්චි චරිතයක් බවට පත්වෙලා.

මාද වේගය ආදරණීය පියා වන ජැක්සන් ඇන්තනී මහත්මයාගේ වියෝවේ පටන් ඒ වගේම එතුමා අසනීප වූ අවස්ථාවේදීත් මේ කියන සෑම තැනකදීම මාදවී ගේ පිටිපස්සෙ හිටියේ කසුන්. ඒ සියලු දුක සැප බෙදා ගැනීම් එක්ක ජීවිත ඉදිරියට යන ඔවුන් එකම වහලක් යට කල් ගෙවන කාලයත් නොබෝ දිනකින් එළැඹේවි.

ඒ වගේම තමයි කසුන් සහ මාධවී කියන්නේ හොඳට අදහස් තියෙන දෙන්නෙක්.කසුන් වෘත්තිමය වශයෙන් ගී පද රචකයෙක් වන අතර මාධවීටත් භාෂාව පිළිබඳව මනා කුසලතාවයක් තියෙනවා.ඉතින් මේ දෙන්නම එකතු වෙලා නමෝ විත්තියෙන් තමන්ගෙම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරලා.ඒ සම්බන්ධයෙන් මාධවී තමන්ගේ මුහුණු පොතේ සටහනක් එකතු කරලා තිබුණා.ඉතින් ඇය ඇයගේ අලුත්ම ව්‍යාපාරය ගැන කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“කාලෙක සිට කසුනුත් මමත් අපේ යහලුවන්ගේ සහ නෑදෑ හිතමිත්‍රාදීන්ගේ දරු උපත් වලදී ලස්සන නම් තියන්න නම් දරපු අය. ඉතිං මේ තමයි අපි දෙන්නා එකතු වෙලා කරන අලුත්ම වැඩේ. “නමෝනාම” ළදරු නාමකරන ආයතනය. අවශ්‍ය කෙනෙක් එක්ක බෙදාගන්න”

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *