ක්‍රිකට් ආයතනයට පිවිසෙන මාර්ගය වැසේ.

ක්‍රිකට් ආයතනය ඉදිරිපිට මාර්ගය පොලීසිය විසින් වසා දමා තිබේ. ඒ අනුව මෙට්ලන්ඩ් පාර, ටොරින්ටන් මංසන්ධියේ සිට ගමනාගමනය සහ මාර්ගයට ප්‍රවේශ වීම වළක්වා ඇත. ක්‍රිකට් ආයතනය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවක් වැළැක්වීම සඳහා මේ වන විට පොලීසිය සහ හමුදාව කැඳවා ඇති අතර, ඒ හේතුවෙන් මාර්ගය තාවකාලික ව වසා ඇති බව සඳහන්ය.

මේ අතර, බත්තරමුල්ලේ සීලරතන හිමි ද ලිපියක් භාර දීමට ක්‍රිකට් ආයතනය වෙත පැමිණ ඇති බව වාර්තා වේ. පොලීසිය විසින් උන්වහන්සේ ව අතරමඟ දී නවතා ඇති නමුත් පසු ව ලිපිය භාර දීමට අවස්ථාව ලබා දී තිබේ. මේ අතර, දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම යන මැයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ විවාදය අද (09) පාර්ලිමේන්තුවේ දී මේ වන විට පැවැත්වෙයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *