ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අත්අඩංගුවට.

මුදලට තරග පාවාදීමට යෝජනා කිරීමේ චෝදනා එල්ල වී සිටින හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අද (06) පෙරවරුවේ ක්‍රීඩා දූෂණ වැලැක්වීමේ පොලිස් ඒකකයට භාරවී තිබේ.

සචිත්‍ර සිය නීතිඥයින් සමඟ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි එම ඒකකය පැමිණ තිබුණි.

එහිදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *