කාලගුණයේ සැබෑ වෙනසක්.

නැගෙනහිර සහ දකුණු පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

දිවයිනේ බොහෝ පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල  ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක්  පවතිනු ඇත.

සුළං ඊසාන දිශාවෙන් හමා  එන අතර සුළං වේගය පැ.කි.මී. 30-40ක් පමණ වේ.

කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා  කන්කසන්තුරය දක්වා  සහ පොතුවිල් සිට හම්බන්තොට හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-55 පමණ දක්වා වැඩි විය හැකිය.

කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ පොතුවිල් සිට හම්බන්තොට හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා ඇත.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *