කාලගුණය පිළිබඳ රතු නිවේදනයක්.

තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වේ.

ඒ අනුව නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිත ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන ධීවර හා නාවික ප්‍රජාවට අනතුරු අඟවා තිබේ.

ඉහත මුහුද ආශ්‍රිත ගැඹුර පීඩන අවපාතය, අද (03) වන විට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී උතුරු අක්ෂාංශ 11.4° සහ නැගෙනහිර දේශාංශ 82.5° ආසන්න ප්‍රදේශයේ, යාපනයේ සිය කි.මී 325ක් පමණ ඊසාන දෙසින් පැවති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *