කොඳු ඇට පෙළේ සිදුකළ දුර්ලභ සැත්කමක්.

දෛවෝපගත වේදනාකාරී සිදුවීම් වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ අභියෝගයට ලක්වන අවස්ථා ඕනෑතරම් දකින්නට ඇත.

කොඳු ඇට පෙළේ වේදනාවක් හේතුවෙන් දීර්ඝ කාලයක් පීඩාවිඳි කාන්තාවකට සිදුකළ ඉතා දුර්ලභ ගණයේ සැත්කමක් පිළිබඳව බදුල්ල ශික්ෂණ රෝහලෙන් අද (11) වාර්තා වුණි.

වයස අවුරුදු 72ක් වන මුතුමැණිකේ වසර ගණනාවක් කොඳුඇට පෙළේ ඇතිවූ වේදනාවක් හේතුවෙන් පීඩා විඳි කාන්තාවකි.

සිය රෝගී තත්ත්වයට කොතෙක් ප්‍රතිකාර ලබාගත්තද ඇයට ඒ කිසිවකින් සුවයක් ලැබී තිබුණේ නැත.

මෙම කාන්තාවගේ රෝගී තත්ත්වය නිෂ්චිතව හඳුනාගත් බදුල්ල ශික්ෂණ රෝහලේ  ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය ලක්මාල් හේවගේ මහතා  ඇයට සැත්කමක් සිදුකළයුතු බවට නිර්දේශකර තිබුණි.

එම සැත්කම මීට පෙර මෙරට තුළ සිදුකර නොතිබූ ඉතා දුර්ලභ ගණයේ සැත්කමක් වීමත් විශේෂත්වයකි.

එන්ඩොස්කොපි ක්‍රමය යටතේ සුශුම්නාව තුළ සිදුකළ මෙම සැත්කම සුවිශේෂී වන්නේ රෝගියා ශෛල්‍යකර්මයකට භාජනයකළ හැකි වයසක පසු නොවීම සහ සැත්කම සම්පූර්ණයෙන්ම රෝගියා නිර්වින්දනය කිරීමකින් තොරව සිදු කිරීම නිසාය.

ශෛල්‍යකර්මයෙන් පසු රෝගියා මේ වනවිට පූර්ණ සුවය ලබමින් සිටින බව රෝහල් කාර්ය මණ්ඩලය පැවසීය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *