Fri. Sep 20th, 2024

සැලරි එක අතට ලැබෙන කලින් හිතන්නේ මේ මාසේ ඉඳලාවත් කීයක් හරි ඉතිරි කරගන්න ඕනේ කියලා නේද?.

හැබැයි සැලරි එක අතට ආවම ඔයාගේ ඒ පැතුමට වෙන දෙයක් හොයාගන්න බැහැ. ඒ සැලරි එක පුළුවන්තරම් වියදම් කරලා මාසය අවසානයේ ආයේ හිතෙනවා ඉතිරි කරන්න.

සැලරි එක දැක්ක ගමන් ඒ ඉතිරි කිරීමේ හීනයත් හරියට බාලගිරි දෝෂය වගේ වෙනවා.මුලින්ම වියදම් කරලා තමයි ගොඩක් අය ඉතිරි කරන්න උත්සහ කරන්නේ.

ඔයාගේ සැලරි එක රු. 25000ක් නම් living standard එක වෙනුවෙන් සම්පූර්ණ සැලරි වියදම් කරන්න පුරුදු වෙන්න එපා.

ඊට වඩා අඩුවෙන් සැලරි ලැබෙන බවට හිත රවට්ටගන්න. ඔයා ඒ විදිහට සැලරි එකෙන් අත හරින කොටස ඉතිරි කරන්න. living standard එක වැඩි වැඩ කරන්නේ නැතිව ඔයාට සරිලන පරිදි Balance කරගන්න. මේ කියන්න යන්නෙත් මාසෙට උපයන පඩිය ඉතිරි කර ගත හැකි ක්රම කිහිපයක් ගැනයි.

1 මුලින්ම ඔයාගේ අය වැය ලයිස්තුවක් සකස් කරන්න.
සැලරි එක අතට ලැබුණු ගමන් හිතුමනාපේ වියදම් කරන්නේ නැතිව අත්යවශ්ය වියදම් වෙනම ලැයිස්තුවක් හදාගන්න. හැබැයි වියදම ඔයාගේ අතේ තියෙන ගානට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට අනිවාර්යය වියදම් තියාගෙන අනෙක් වියදම් කපා හරින්න.

2 වියදම් කරන ප්‍රමාණය ගැන සටහන් තබාගන්න.
දවසගානේ කරන වියදම් ගැන සටහන් කරගන්න අමතක කරන්න එපා. දවස අවසානයේ පොඩි පොතක හෝ ජංගම දුරකථනයේ දවස ආරම්භයේදී ළඟ තිබූ මුදල සහ අවසානයේ ඉතිරි ශේෂය ගණන් බලා සටහන් කරගන්න. ඒ අතරට අමතර වියදම් සිදු සිදු වෙනවා නම්, ඒවා ද සටහන් කරන්න අමතක කරන්න එපා.

3 ඉතිරි කරන්න සුදුසු තැනක් සොයාගන්න.
ඔයාගේ වැටුපෙන් අඩුම තරමේ 15%ක් වත් ඉතිරි කරන්න. ඊට පහසුම ක්රමය තමයි තැන්පත් කරන එක. ඔයා එදිනෙදා ගනුදෙනු කරන බැංකු ගිණුම නම් මේ සඳහා භාවිතා කරන්න එපා. මොකද එම මුදල ඔයාට ආයේ ආයෙත් ගන්න හිතේවි. ඒකට මුදල් තැන්පත් කරන්න වෙනම බැංකු ගිණුමක් තබාගන්න.

හැබැයි බැංකුවල ජංගම හෝ ඉතුරුම් ගිණුම්වල මුදල් වැඩි කාලයක් තැන්පත් කර තැබීමෙන් ලොකු වාසියක් නම් ලැබෙන්නේ නැහැ මොකද ඒවායේ පොළිය අඩුයි. ඒ නිසා අවුරුදු ගණන් නොවුණත් මාස 7,8කට හෝ ලොකු පොළියකට Fixed Deposit එකක් දාන්න. ඒ කාලය අතරතුර මුදල් හදිසියක් වුණොත් ඒ ස්ථාවර තැන්පතුවේ සහතිකය ඇපයට තබා එම බැංකුවෙන්ම ණය මුදලක් ලබාගන්න පුළුවන්.

4 ආයෝජනය කිරීම
ඔයාට වැඩි මුදලක් ලබා ගන්න නම් වඩාත් කාර්යක්ෂම ක්රමය තමයි මුදල් ආයෝජනය කිරීම. උපයන මුදල් එකතුකරන් ඉන්නවට වඩා ඒවා ඵලදායී ලෙස ආයෝජනය කරනවා නම් ඔබට ධනවතෙකු වීමට අපහසු නැහැ. හැකි ඉක්මනින් මුදල් ආයෝජනය කිරීම ආරම්භ කරන තරමට වැඩි ප්‍රථිපල ලබාගන්න පුළුවන්.

( උපුටා ගැනීමකි)

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *