කෝටි ගානක් වටිනා ගමන් මල්ලක්.

කටුනායක ගුවන් තොටුපොළ අතපසු වී ගිය ගමන් මලු අතර තිබී රුපියල් කෝටි 10ක් වටිනා ‘කුෂ්’ නැමැති ගංජා තොගයක්  ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිය භාරයට ගෙන තිබේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය කැනඩාවේ සිට ඩුබායි වෙත රැගෙන නොවැම්බර් මස 14 දින පස්වරු 02.40ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙනැවිත් ඇති බව සඳහන්ය.

බස්නාහිර පළාත් බුද්ධි තොරතුරු ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ සේවයේ නිරත පොලිස් නිල සුනඛයන් යොදා ගනිමින් මෙම වැටලීම සිදු කර ඇත.

මෙම ගමන් මලු තුළ ‘කුෂ් ‘ ගංජා කිලෝ ග්‍රෑම් 19 යි ග්‍රෑම් 588 ක් තිබූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *