කෝටි 5000ක පාඩුව පියවා ගන්න ජනවාරියේ විදුලි බිල යළි ඉහළට.

මෙම වසරේදී දෙවතාවක් ම විදුලි ගාස්තු සියයට හැත්තෑපහකින් පමණ ඉහළ දමා තිබෙන නිසා මෙම වසර අවසානයේ රුපියල් කෝටි පන්දහසකට (5000) අධික පාඩුව පියවා ගැනීමට නම් ලබන ජනවාරි මස යළි ගාස්තු වැඩි කිරීමට සිදුවනු ඇතැයි ඉංජිනේරුවෝ පවසති.

විදුලි ගාස්තු සංශෝධනය වන්නේ වසරකට දෙවතාවකි.

පෞද්ගලික හා අධික වියදම් සහිත ප්‍රභවයන්ගෙන් විදුලිය මිලදී ගෙන අඛණ්ඩව පැය විසිහතරේම විදුලිය ලබා දීමට ක්‍රියාකිරීම නිසා ගාස්තු වැඩිකර තිබියදීත් තාමත් ලංවිම මෙලෙස පාඩු ලබන බව ද ඉංජිනේරුවෝ පැවසූහ.

එනිසා මෙම වසරේ ඉතිරි වී තිබෙන මාස තුනහමාර තුළ යළි විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදු නොවන බවට ඔවුහු විශ්වාසය පළ කරති.

ලංකා විදුලිබල මණ්ඩලය මේ දක්වා ලබා තිබෙන සමස්ත පාඩුව රුපියල් බිලියන 500 ක් පමණ යැයි ද ඔවුහු පවසති.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *