කෝපි හෙක්ටයාරකට රජයෙන් මිලියනයක්.

0
109

ලබන වසරේදී අලුතින් කෝපි වගා කරන හෙක්ටයාරක් සඳහා රුපියල් මිලියනයක මුදලක් ලබාදීමට රජය සැලසුම් කර තිබේ.

ලබන වසරේදී හෙක්ටයාර් 400ක කෝපි වගා කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය තීරණය කර ඇති අතර ඊට වෙන්කර තිබෙන මුදල රුපියල් මිලියන 400කි.

මෙරටදී ප්‍රධාන වැවිලි භෝගයක් ලෙස කෝපි වගා නොකළද, මෙරට කෝපි සම්බන්ධව විදේශ වෙළෙඳපළේ ඇති ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගෙන කෝපි වගාව යළි වැවිලි භෝගයක් ලෙස ප්‍රචලිත කිරීමේ අරමුණින් කෝපි වගා හෙක්ටයාරයක් සඳහා රුපියල් මිලියනයක මුදලක් ලබාදෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර කීවේය.

Coffea Arabica (අරාබිකා කෝපි), Coffea Canephora (රොබස්ටා කෝපි), Libarica (ලයිබරිකා කෝපි) යන කෝපි විශේෂ මෙරට වගා කෙරේ. ඉන් අරාබිකා කෝපි ඉතාමත් ජනප්‍රියම කෝපි විශේෂය බවත්, එය වගා කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here