කෝලි අංක 1ට – ඩිල්ෂාන් අංක 2ට.

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලීයේ පළමු වටයේ තරග සියල්ල ඊ‌යේ (12) දිනයෙන් නිමාවට පත් විය.

පළමු වටය අවසන් වන විට වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන්ගේ ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ඉන්දීය පිතිකරුවන් විරාට් කෝලි සමත්ව තිබේ.

ඒ, ඊයේ (12) නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරගයේදි ලකුණු 51ක් ලබා ගැනීමත් සමගය.

කෝලි මේ වන විට එක්දින ලෝක කුසලාන තරගාවලියේ රැස්කර ගෙන ඇති සමස්ත ලකුණු සඛ්‍යාව 594කි.

මේ අතර එක්දින ලෝක කුසලාන තරගාවලියේ වැඩිම කඩුළු දවාගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ඇඩම් සම්පා සමත්ව තිබේ.

ඔහු දවාගත් කඩුළු සංඛ්‍යාව 22කි.

කඩුළු 21ක් දවා ගනිමින් ශ්‍රී ලංකා පිලේ ඩිල්ෂාන් මධුසංඛ දෙවැනි සථානයේ රැදී සිටී.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *