Sun. Jul 6th, 2025

මාස 11 ක් සහ අවුරුදු 05 ක් වයසැති සිය දියණියන් දෙදෙනාට වස පොවා දෙමාපියන්ද වස පානය කිරීමේ පුවතක් රඹුක්කන – පත්තම්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මේ වන විට ඔවුන් 04 දෙනා මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ.

අනියම් සබඳතාවක් මුල්කර ගනිමින් 27 හැවිරිදි අදාළ කාන්තාව, 28 හැවිරිදි ස්වාමිපුරුෂයා සමග ආරවුලක් ඇති කරගෙන තිබෙනවා.

ඊයේ අලු‍යම මව විසින් පළමුව සිය දියණියන්ට වස පොවා අනතුරුවයි අදාළ කාන්තාව වස පානය කර ඇත්තේ. එය දැක ඇගේ සැමියාද පසුව වස පානය කර ඇති බව සඳහන්.

By Aloka