ගිහි ඇඳුමින් ට්‍රිප් ගිය ලොකු හාමුදුරුවන්ට විරෝධයක්.

0
68

ගිහි ඇඳුමින් සැරසී තවත් කාන්තාවන් තිදෙනෙකු සමග විනෝද චාරිකාවක නිරත වූ බව පවසමින් වැලිපැන්න ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමියන්ට ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවී තිබේ.

ඇතිවූ උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා වැලිපැන්න පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් එම විහාරය වෙත ගොස් ඇති අතර අනතුරුව සිද්ධියට සම්බන්ධ බවට සඳහන් විහාරාධිපති හිමිනම එම විහාරයෙන් පිටව ගොස් තිබේ.

අදාළ හිමිනම පසුගිය දිනක කතරගම, ලුණුගම්වෙහෙර සහ මහනුවර ප්‍රදේශවල මෙලෙස ගිහි ඇඳුමින් සැරසී චාරිකාවක නිරතව ඇති බව ප්‍රදේශවාසීන් එහිදී චෝදනා කර ඇත.

එම විහාරාධිපති හිමි ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී කාන්තාවන් තිදෙනා සමග ගිහි ඇඳුමින් සැරසී සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් කිසියම් අයෙකු විසින් සමාජ මාධ්‍ය ගිණුමට එක්කිරීමත් සමග ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මෙලෙස විහාරය වෙත පැමිණ විරෝධය පළකර තිබේ.

මේ අතර එම විහාරාධිපති හිමි විසින් ද වැලිපැන්න පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකරමින් පවසා ඇත්තේ තමන් සමග අමනාප අයෙකු විසින් මෙම සිදුවීම සඳහා මුල්වී ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here