ගුරුවරු 500ක් නීතියට පිටින් රට ගිහින්

ගුරුවරු 500ක් නීතියට පිටින් රට ගිහින්

ගුරුවරු පන්සිය දෙනෙක් පමණ මේ වන විට නීත්‍යනුකූල අනුමැතියකින් තොරව විදෙස් ගත වී සිටින බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

පස් වසරකට නිවාඩු ගෙන විදෙස් රැකියා සඳහා යාමට රාජ්‍ය සේවකයන්ට ලබා දී තිබෙන සහනය යටතේ මෙම ගුරුවරු අයැදුම්කර ඇති නමුත් ඔවුන්ට ඒ සඳහා අනුමැතිය ලබා දී නැත. අනුමැතිය ලබා ගැනීමට නොහැකි වී ඇති නමුත් විදෙස්ගත වීමට අවශ්‍ය අනෙකුත් සියලු කටයුතු අවසන් කර තිබී ඇති හෙයින් ඔවුන් විදෙස් ගත වී ඇතැයි ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය. එලෙස විදෙස් ගතව සිටින බස්නාහිර පළාතේ ගුරුවරුන් සංඛ්‍යාව සියයකට ආසන්නය.

නිවාඩු ලබා ගෙන විදෙස් ගතවීමට සියලු රජයේ සේවකයන්ට ඇති අවස්ථාව ගුරුවරුන්ට නොලැබීම අසාධාරණයක් යැයි මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පැවසීය. පවතින තත්ත්වය මත තවත් ගුරුවරුන් විදෙස්ගත වීමට සැලසුම් කරමින් සිටින බවත් එය පද්ධතියට බරපතළ තත්ත්වයක් බවත් ඒ මහතා කීවේය.

විදෙස්ගත වන සෑම නිලධාරියකුම මෙරට බැංකු පද්ධතිය හරහා විධිමත්ව තමන්ගේ නමින් ආරම්භ කරන ලද එක් අනේවාසික විදේශ මුදල් ගිණුමකට මාසිකව මුදල් ප්‍රේෂණය කළ යුතුය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *