Sat. Jul 27th, 2024

ගායන ලෝකය තුළ බොහෝ දෙනෙක් ආදරය කරන ආදරණීය ගායකයෙක් තමයි දමිත් අසංක කියන්නේ.ඔහු ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ බහුතරයක් දෙනා ඇද බැද තබාගත්තු ආදරණීය ආකර්ෂණීය ගායකයෙක් කිව්වොත් හරි. දමිත් ගැන කතා කරද්දි පසුගිය කාල සීමාවේදී නම් ඔහු කලා කටයුතුත් එක්ක සම්බන්ධ වුණේ නෑ.

ඔහු ටිකක් මානසික අතින් යහපත් සෞඛ්‍ය තත්ත්වයක හිටියේ නෑ.මේ සිදුවීම අල්ලගෙන බහුතරයක් දෙනා දමිත්ට මඩ ගහන්න පටන් ගත්තා. සමාජ මාධ්‍යවල පවා ඔහු පිළිබඳව ප්‍රචාරය වුණේ වැරදි දේවල්.හැබැයි ජීවිතේ කොයි මොහොතක හෝ කාටහරි කොතනක හෝ ලොකුවටම වරදින්න පුළුවන්.

ඒ විදිහට දමිත්ත වැරදුණු තැන හදාගෙන ආයෙමත් සැරයක් ඔහු ප්‍රසංග වේදිකාවේ වැඩත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා.ඒ නිසා මොහුට ආදරේ කරන ප්‍රේක්ෂකයන් අදටත් ඒ විදිහටම ඔහුත් එක්ක ඉන්නවා කියන දේත් මතක් කරන්නම ඕනේ.

ඒ වගේම දමිත් එක්ක සමකාලීන විදිහට ක්ෂේත්‍රයට ඇවිල්ල නමක් හදා ගත්තු තවත් ආදරණීය ගායන ශිල්පියෙක් තමයි චාමර වීරසිංහ කියන්නේ.චාමර මේ දවස්වල ගෙදරට වෙලා අසනීප තත්ත්වයෙන් කාලය ගත කරනවා.ඇත්තටම ඔහුගේ තත්ත්වය මොකක්ද ඔහු නැවත වතාවක් ගීත ගායනා කරයිද කියලා අහපු අවස්ථාවකදී ඒ සම්බන්ධයෙන් දමිත් හදවතින්ම කිව්වේ මේ වගේ කතාවක්.

“චාමර වීරසිංහ නැවතත් එනවා. ඇවිත් හිටියටත් වඩා හොඳට ඉන්නවා. ගීත ගායනා කරනවා වගේම ගීත නිර්මාණයත් කරනවා. ඒක මම මගේ දැනුමෙන් මගේ බුද්ධියෙන් මිනිසුන්ට කියන කතාවක්. නමුත් ඒකට යම් කිසි කාලයක් ගත වෙනවා. ඒ දෙය ඒකාන්තයෙන්ම වෙනවා. චාමර ගෙවන්නෙ එයාගේ කරුමක් නෙමෙයි. අනුන් නිර්මාණ කරපු කරුමයක්.”

ඉතින් අපිත් මේ සුන්දර කලාකරුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *