චාමර වීරසිංහ ICU එකේ බලන්න එන්න එපා, කරදරයි රෝහලෙන් පණිවිඩයක්.

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කෙරුණු ප්‍රසිද්ධ ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

ඔහු මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ යි.

දැඩි සත්කාර ඒකකය ඉදිරිපිට දැන්වීම් පුවරුවක් ද සවි කර ඇති අතර, ඔහු බැලීම සඳහා අවසර හිමි නොවන බවට එහි දක්වා ඇති බවයි පැවසෙන්නේ.

විශාල රසික පිරිසක් ඔහුගේ සැප දුක බැලීම සඳහා පැමිණීම රෝහලට මෙන්ම ඔහුට ද විශාල අපහසුතාවයක් ඇති කරන බව රෝහලේ ප්‍රකාශකයෙක් අප සමග සඳහන් කළා.

එම නිසා කිසිවෙකුත් මේ මොහොතේ චාමර වීරසිංහ බැලීම සඳහා රෝහලට පැමිණීමෙන් වළකින ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *