ජංගම දුරකතනයක් සදහා ලක්‍ෂයක බද්දක් පනවන්නැයි යෝජනාවක්.

ජංගම දුරකතනයක් සදහා ලක්‍ෂයක බද්දක් පනවන්නැයි යෝජනාවක්.

ජංගම දුරකථනයක් සඳහා රුපියල් ලක්ෂයක බද්දක් පැනවිය යුතු බවට නුගේගොඩ නාලන්දාරාමාධිපති පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් යෝජනා කර තිබේ.
උන්වහන්සේ මෙම අදහස පළ කර තිබුණේ පන්නිපිටියේ පිහිටි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වන සුදත් චන්ද්‍රසේකර මහතාගේ නිවසේ පැවති ධර්ම දේශනාවක් අතරතුරදීය.
එම අවස්ථාව සඳහා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතාද සඳහා පැමිණ සිටියහ.
එදී උන් වහන්සේ මෙසේ සඳහන් කර ඇත.
‘මොබයිල් ෆෝන් තමයි අද මේ සමාජ පරිහානියට විශාල ලෙස හේතු වෙලා තියෙන්නේ. අද දෙමාපිය දූදරු සම්බන්ධතාව නැති වෙලා, සැමියා බිරිය අතර සම්බන්ධතාව නැති වෙලා, සමාජය හා පැවැති සම්බන්ධතා නැතිවෙලා. හොරකම්, අපරාධ, ස්ත්‍රී දූෂණ, මත්ද්‍රව්‍ය ජාවාරම මේ හැම එකටම මුල හා පහසුකම් සපයන්නේ මේ මොබයිල් ෆෝන්. ඔන්න ඇමැතිතුමා කරනවා නම් වැඩක්. පුළුවන්නම් ඔය මොබයිල් ෆෝන් නැති කරන්න. නැති නම් ඕක හැම එකාටම ගන්න බැරි වෙන්න රු. ලක්ෂයකවත් බද්දක් ගහන්න’

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *