ජනාධිපතිවරණය සහ පළාත් පාලන අපේක්ෂකයින්ගේ අර්බුදය

ජනාධිපතිවරණය සහ පළාත් පාලන අපේක්ෂකයින්ගේ අර්බුදය

ජනාධිපතිවරණය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ විවිධ සන්ධාන ගොඩනඟමින් තිබියදී, පසුගිය පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාරදුන් බිම් මට්ටමේ අපේක්ෂකයින් අර්බුදයකට මුහුණපා සිටින බව වාර්තා වේ. 2018 පෙබරවාරි 10 දා පැවති පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී ධුර වැඩි වශයෙන් දිනා ගත්තහ.

2023 වසරේදී කැඳවූ පළාත් පාලන මැතිවරණය කල් දැමීමෙන් අනතුරුව, නාමයෝජනා අහෝසි නොවීම නිසා, බිම් මට්ටමේ අපේක්ෂකයින් දැඩි ගැටලුවකට මුහුණපා ඇත. ඔවුන් පවසන්නේ ජනාධිපතිවරණයේදී අලුත් ඡන්ද ලකුණක් ප්‍රවර්ධනය කිරීමට සිදුවීම නිසා පළාත් පාලන මැතිවරණයේදී තමන්ගේ ඡන්ද ලකුණ ප්‍රවර්ධන කිරීමට යලි වියදම් කිරීමට අපහසු බවයි.

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අහෝසි කරන ලෙස අපේක්ෂකයින්ගේ එක් කොටසක් සිය නායකයින්ගෙන් ඉල්ලා ඇති අතර, නාමයෝජනා අහෝසි කළහොත් තවත් ගැටලු උද්ගත වන බව පෙන්වා දෙති. නව සන්ධානයක් සඳහා එකතුවන පක්ෂ එකඟතාවයකින් පළාත් පාලන මැතිවරණ අපේක්ෂක ලැයිස්තු සකස් කළහොත්, දැනට නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින්ට එකම ලැයිස්තුවෙන් තරඟ කිරීමට සලකා බැලිය යුතුය.

පක්ෂ අතර ඇතිවන එකඟතාව අනුව අපේක්ෂකයින්ගේ ප්‍රතිශතය තීරණය වන නිසා, දැනට නාමයෝජනා භාරදී ඇති අපේක්ෂකයින්ගෙන් සලකිය යුතු පිරිසකට තරඟ කිරීමට අවස්ථාව නැතිවීමට ඉඩ ඇත. මේ හේතු මත, පළාත් පාලන අපේක්ෂකයින්ගේ අර්බුදය මේ දිනවල පක්ෂ අභ්‍යන්තරයේ බරපතළ ලෙස සාකච්ඡාවට භාජනය වන බව ආරංචිමාර්ග සඳහන් කරයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *