ජල ටැංකියකට වැටීමෙන් පුංචි මලක් පරවෙයි.

කිලිනොච්චිය, සෙල්වනගර් ප්‍රදේශයේ දී ජල ටැංකියකට වැටීමෙන් කුඩා දැරියක් මියගොස් තිබේ.

තවත් කුඩා දරුවන් දෙදෙනෙකු සමඟ සෙල්ලම් කරමින් සිටිය දී නිවස ආසන්නයේ පිහිටි ජල ටැංකියකට වැටීමෙන් එම දැරිය මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මියගොස් ඇත්තේ, අවුරුද්දයි මාස 03ක් වයසැති දැරියක වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

මේ අතර, හබරාදුව, කතලුව පාලම අසල මෝය ප්‍රදේශයේ දිය නාමින් සිටි ළමයකු ද දියේ ගිලී අතුරුදන් ව ඇති බව පොලීසිය වාර්තා කරයි.

ළමුන් දෙදෙනෙකු දියවැලකට හසු ව ගසාගෙන ගොස් ඇති අතර, ප්‍රදේශවාසීන් විසින් එක් ළමයකු බේරාගෙන ඇති බව සඳහන්ය.

අතුරුදන් වූ 14 හැවිරිදි ළමයා සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.

තවත් පිරිසක් සමඟ වරකාපොළ ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා පැමිණ සිටිය දී එම පාසල් සිසුවා මෙම අනතුරට ලක් ව ඇති බව වාර්තා වේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *