ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රුපියල් ලක්ෂයට අඩු තැන්පතුවල ගැටලුව විසඳයි.

රුපියල් ලක්ෂයට අඩු තැන්පතු සහිත ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී රඳවා ගැනීම නිසා ඇතිවී තිබූ ගැටළුව විසඳමින් නව චක්‍රලේඛයක් නිකුත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මේ හරහා රුපියල් ලක්ෂයකට අඩු තැන්පතු ඇති ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රඳවා ගැනීමේ බද්ධ නිසා මෙතෙක් මුහුණ දීමට සිදුවූ අසාධාරණයට විසඳුමක් ලබාදී තිබේ.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (27) උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙම ගැටළු සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා 1944 නව දුරකථන අංකයක්ද වෙන්කර ඇති බවය.

මේ දක්වා රුපියල් ලක්ෂයකට අඩු තැන්පතු ඇති ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තම තැන්පතු සඳහා පොලී මුදල් ලබාගත හැකි වූයේ වසරක් ගතවීමෙන් පසුවය. ඊයේ දිනයේදී නිකුත් කළ නව චක්‍රලේඛය අනුව වසරක් ගත නොවූවද රුපියල් ලක්ෂයට අඩු තැන්පත් ඇති ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තම පොලී මුදල් ලබාගැනීමේ හැකියාව ලැබී තිබේ.

අමාත්‍යවරයා පැවසුවේ මේ සඳහා විමසීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සෑම කාර්යාලයකම වෙනම නිලධාරීයෙකුද පත්කර ඇති බවය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *