ජාතික රෝහලේ ශල්‍යකර්මයකින් පසු, උපකරණ කොටසක් ශරීරය ඇතුළට යයි.

කොළඹ ජාතික රෝහලේ දී ශල්‍යකර්මයට ලක් කිරීමෙන් පසුව එම පුද්ගලයාගේ ශරීරය තුළ උපාංගයක කොටසක් සිර වී තිබීම හේතුවෙන් එම කොටස ඉවත් කිරීම සඳහා එම රෝගියා හදිසි ශල්‍යකර්මයකට ඊයේ පස්වරුවේ ලක්කර තිබේ.

පළමු ශල්‍යකර්මය කිරීමේදී ඔහුගේ ශරීරයේ රුධිර පීඩනය පාලනය කිරීමට සවිකර තිබූ උපාංග කොටසක් වෙන් වී ශරීරය තුල සිරවී ඇත.

අදාල උපාංගයේ ප‍්‍රමිතිය ප්‍රශ්නයක් හේතුවෙන් මෙවැනි දෙයක් සිදු වූවේද යන්න පිළිබඳව පරීක්ෂණයක් කරන්නැයි රෝහලේ වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *